ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්‍ෂවරුන්ගෙන් අයදුම්පත් කැඳවයි

ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්‍ෂවරුන්ගෙන් අයදුම්පත් කැඳවයි

පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරාගැනීමට ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ නිල ජංගම දුරකථන යෙදුම වන ‘DoE’ වෙත පිවිස අයදුම්පත් යොමුකළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Share This