ගිනි අවි පෙන්නා මහදවල් හෝමාගම රන් අලෙවි සැලක් කොල්ල කාලා

ගිනි අවි පෙන්නා මහදවල් හෝමාගම රන් අලෙවි සැලක් කොල්ල කාලා

හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝල ගිනි අවියක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු විසින් එම ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ 03 ක් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ මුදු 36 ක් සහ පෙන්ඩනට් 48 ක් ද කොල්ලකරුවන් විසින් කොල්ලකා පලා ගොස් ඇත.

එම කොල්ලයට පැමිණි සැකකරුවන් භාවිතා කල යතුරු පැදි වල ව්‍යාජ අංක තහඩු භාවිතා කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.