Elon Musk Twitter හි නිල් කුරුල්ලාට සමුදෙයි

Elon Musk Twitter හි නිල් කුරුල්ලාට සමුදෙයි

Twitter ලාංඡනයේ සිටින සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය නිල වශයෙන් වෙනස් කිරීමට Elon Musk තීරණය කර තිබෙනවා.

එම සංකේතය “X” ලෙස වෙනස් කිරීමට තමා සැලසුම් කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ලොව පුරා ඉතා ඉක්මණින් මෙය වෙනස් කිරීමට පියවර ගන්නා බවද ඔහු Twitter සටහනක් තබමින් පැවසුවා.

Twitter කුරුල්ලාට අමතරව එම සන්නාමයටද සමු දෙන බව ඔහු ප්‍රකාශ කර තිබුණා.

මෙය බොහෝ කළකට පෙර සිදු කිරීමට තිබූ දෙයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් Elon Musk සඳහන් කළේ.

Monara

Share This