තිරිඟු පිටි මිල ඉහල යන ලකුණු

තිරිඟු පිටි මිල ඉහල යන ලකුණු

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

කිරිපිටි ආනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව පවසමින් ආනයන සහ අපනයන පාලකවරයා පසුගිය ජූලි මස 14 වැනිදා සිට ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය අත්හිටවූ බවත් ඒ හේතුවෙන් තිරිඟු පිටි ආනයනය කිරීමට නොහැකි වී ඇති බවත් ආනයනකරුවෝ පවසයි.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී තිරිඟු පිටි මිල ඉහළ යාමක් හෝ තිරිඟු පිටි හිඟයක් ඇති විය හැකි බවද ආනයනකරුවෝ සදහන් කරති