අතුරුදහන් වී සිටි හැටන් ලංගම ඩිපෝ පොම්පකරුගේ සිරුර බොක්කුවක් යට තිබී හමුවෙයි

අතුරුදහන් වී සිටි හැටන් ලංගම ඩිපෝ පොම්පකරුගේ සිරුර බොක්කුවක් යට තිබී හමුවෙයි

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ වත්තේ තිබී පිරිමි පුද්ගල මල සිරුරක් අද (03) දින සොයාගත් බව හැටන් පොලිසිය පැවසීය.

මෙසේ සොයාගනු ලැබුවේ, හැටන් ෂැනන් වත්තේ පදිංචි රාමයියා මනෝහර් නමැති 49 හැවිරිදි තිදරු පියාගේ සිරුරයි.

මරණකරු හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරුවෙකු වශයෙන් සේවය කල අයෙකු බවත්, මරණකරු සිව් දිනක් තිස්සේ සේවයට වාර්තා කර නොතිබුණු බවත්, ඒ පිලිබදව මරණකරුගේ බිරිද විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර එම වතුයායේ වතු කම්කරුවන් සමග එක්ව සොදිසි මෙහෙයුමක්ද දියත් කර තිබු බවයි, මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ආසන්නයෙන් හැටන්ඔයට ජලය ගලා බසින බොක්කුවක් යට තිබී සොයගත් ලංගම ඩිපෝවේ සේවකයාගේ සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසීය.

Share This