ඩෙල්ෆ්ට් පංච පුද්ගල ඝාතකයා තුවාල සිදු කළ සුනඛයාත් මරුට

ඩෙල්ෆ්ට් පංච පුද්ගල ඝාතකයා තුවාල සිදු කළ සුනඛයාත් මරුට

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේදී පුද්ගලයන් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කළ පුද්ගලයා විසින් තුවාල සිදු කළ සුනඛයාද ඊයේ (26) මියගොස් තිබේ.

ඝාතකයා විසින් නිවසේ උදවිය මරා දමද්දී මෙම බල්ලා බිරීම නිසා ඝාතකයා එම බල්ලාටද සියුම් ආයුධයකින් ඇණ තුවාල සිදු කොට තිබුණි.

පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය වීමේ සිද්ධියේ උණුසුම හා බිය නිසා එම බල්ලාට ප්‍රතිකාර කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා එම බල්ලා මියගොස් තිබේ.