කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරනවා – විදේශ ඇමති

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරනවා – විදේශ ඇමති

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම තීරණය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල අද (27) එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය වෙත ප්‍රකාශ කළ බවයි, විදේශ අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේ.

වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳට සිය රටට ඇතුළු වීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය තහනමක් පනවනු ලැබීය.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා විශ්වාසනීය ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් 2023 විසර්ජන පනතේ 7031(c) වගන්තියට අනුව මෙම තීරණයට එළැඹි බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.