එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන අධිකරණ ඇමැතිගෙන් පාර්ලිමේන්තුවට අදත් හෙළිදරව්වක්

එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන අධිකරණ ඇමැතිගෙන් පාර්ලිමේන්තුවට අදත් හෙළිදරව්වක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තුමේන්තුව කටයුතු කරන විට ඇතැම් නීතීඥ සමාගම් සහ රක්ෂණ සමාගම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගෙන එය වලක්වාලීමට උත්සාහා ගන්නා බව අධිකරණ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම නැවෙන් සිදුවූ හානියට අදාල වන්දි ලබාගැනීමට අධිකරණයේ පවරා ඇති නඩු වලට අදාලව සිදුවන විභාගවලට පෙනී නොසිට අධිකරණය මගහැර සිටි මෙම පුද්ගලයින් වන්දි ලබා ගැනීමට කටයුතු කරන විට පාර්ලිමේන්තුවට පැමිණ අදාල සාකච්ඡා සඳහා බලහත්කාරයෙන් වාඩිවී සිදුවන්නේ කුමක්දැයි කියා සොයන බවත් සඳහන් කළේය.

මේ සඳහා ඇතැම් පරිසර සංවිධානද එක්ව සිටින බව අමාත්‍යවරයා පැවසීය.

මේ දක්වා විපතට පත් ධීවරයින්ට වන්දි ලබාගැනීමට උනන්දුවීමට හෝ මෙම පුද්ගලයින් මෙතෙක් පියවර ගෙන නැතැයිද කීවේය.

Share This