නිවසක් මතට පස් කන්දක් කඩා වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

කොලොන්න කුඩාගලහේනේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ඇති බව ආපදා කළමණකරණ ඒ්කකය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙර දින (2) සිට ඇද හැලෙන මහ වැස්සත් සමඟ අද (23) අලුයමදී බව එම ඒ්කකය කියයි.

මියගොස් ඇත්තේ දොරපණේ කුඩගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අචල අකලංක නැමැති දහනව හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.

ඔහු දොරපණේ ජාතික පාසලේ උසස් පෙළ ගණිත අංශයේ දහතුන ශ්‍රේණියෙන් අධ්‍යාපනය හැදෑරූ දරුවෙකි.

නිවසේ නිදා සිටියදී ඒකවරම ආ පස්කණ්ඩියකට ඔහු යට වී ඇති අතර පැය ඒකහමාරක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා ඔහු ගොඩටගෙන රෝහල්ගත කරනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

 

Share This