ජනපති එජාපයෙන් ඉවත්ව පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් ජනපති අපේක්ෂකත්වය දෙනවා – සාගර

ජනපති එජාපයෙන් ඉවත්ව පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් ජනපති අපේක්ෂකත්වය දෙනවා – සාගර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රිවරයා පවසයි.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා නිසි වේලාවේ දී අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත්, සිය පක්ෂයේ ලකුණ වන පොහොට්ටුව ලකුණ යටතේ එම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.