කුකුල් මස් සහ බිත්තර මිල අහස උසට

කුකුල් මස් සහ බිත්තර මිල අහස උසට

කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1300 දක්වා ඉහල යාම නිසා ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස් වෙලෙන්දුන් කියා සිටියි.

මිට දින කිහිපයකට ප්‍රථම රුපියල් 1000-1100 මිලකට අලෙවි කල කුකුල් මස් කිලෝවක් අද (13) දින වන විට රු 1300 දක්වා ඉහල ගොස් ඇති බවත් ඒ අනුව, උත්සව සමයේ තවදුරටත් කුකුල් මස් මිල ඉහල යා හැකි බවයි, එම වෙලෙන්දුන් කියා සිටියේ.

මෙයට සමගාමීව රතු බිත්තරයක් රු 62 ක් සහ සුදු බිත්තරයක් රු 59 ක සිල්ලර මිලකට අලෙවි කරන බව බිත්තර වෙලෙදුන් කියා සිටියි.

Share This