පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට

පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට

ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (29) දහවල් කාලයේ මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වන අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ 15 හැවිරිදි ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

දරුවා දිය නාමින් සිටිය දී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.