දඹුල්ල හිටපු නගරාධිපතිගේ සොහොයුරා අවුරුදු 12ක දරුවෙකු අපයෝජනය කර සැඟවිලා

දඹුල්ල හිටපු නගරාධිපතිගේ සොහොයුරා අවුරුදු 12ක දරුවෙකු අපයෝජනය කර සැඟවිලා

දඹුල්ල මහා නගර සභාවේ හිටපු නගරාධිපතිගේ (ජාලිය හේමන්ත ඔපාත) වැඩිමහල් සහොදරයකු වන දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය කම්කරු වත්මන්හි කම්කරු පාලකයෙකු වන චන්න ප්‍රියන්ත ඔපාත නැමැත්තා අවුරුදු 12ක පිරිමි දරුවෙකු අපයෝජනය කල බවට ජාතික ළමාරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් මත දඹුල්ල පොලිස් ළමාරක්ෂක ඒ්කකය මගින් සිදුකල විමර්ෂණයකින් පසු අදාල අපයෝජනයට පත්වු දරුවා සොයාගෙන ඇති අතර සැකකාර පුද්ගලයා සැගව ඇති බව වාර්තාවේ.

දඹුල්ල පොලිසිය අදාල පුද්ගලයාගේ නිවසට යන විට ඔහු නිවසේ සිටියේ නැතිබව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා නගර සභාවේ කතන අභාධිත තරුණයකු අපයෝජනය කර පහර දිමක් සම්බන්ධව දඹුල්ල උසාවියේ නඩුවක්ද විභාග වේ.

අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම දඹුල්ල පොලිසිය හිතමතාම දේශපාලන බලපෑම මත අතපසු කරනවාද යන්න පිලිබදව දඹුල්ල ප්‍රදේශයේ ජනතාව සැක පහල කරන අතර පොලිසිය පවසන්නේ අදාල සැකකරු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවයි.

දඹුල්ල – මහින්ද උදයසිරි

Share This