ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළට

ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළට

එළඹෙන ජූනි මස සිට ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට තීරණය කර ඇති බව ඇවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනය ද සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා මේ වනවිට ලබාදෙන ලීටර් 07ක ඉන්ධන කෝටාව ලීටර් 14ක් දක්වා ඉහළ දමන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අමතරව අනෙක් වාහන සඳහා ද ඒ හා සමානව ඉන්ධන කෝටාව ඉහළ දමන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළේ වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Share This