දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර අද යළි ගොඩගනී

දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර අද යළි ගොඩගනී

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) යළි ගොඩගැනීමට නියමිතව තිබේ.

ඒ හේතුවෙන් බොරැල්ල කනත්ත අවට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබේ.

ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව, අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දී ඇති අතර එය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.