අව්වට යන්න එපා – උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

අව්වට යන්න එපා – උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයකට අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා හෙට දිනය සඳහා වලංගුවන පරිදි ඊයේ (16) පස්වරුවේ එම නිවේදනය නිකුත් කර ඇත.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරේ

ඒ අනුව අව්වට වැඩිවේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම් වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.

තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරළීම් සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි.