දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කෙරේ

දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කෙරේ

දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සදහා අදාළ සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේය.

එමෙන් ම වෙසක් පොහොයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට මෙම පියවර ගත් බවත්, මෙම වැඩ පිළිවෙළ අනුව දහම් පාසැල් නොයන දරුවන් හඳුනා ගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමට ද අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.