ධනුෂ්ක ගුණතිලකගේ නඩුවේ අවසන් තීන්දුව 28 වැනිදා

ධනුෂ්ක ගුණතිලකගේ නඩුවේ අවසන් තීන්දුව 28 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පැමිණිලිකාරිය හඳුනා ගැනීමෙන් පසු ඇය සමඟ සම්බන්ධය දිගටම පවත්වා ගැනීමට උත්සාහ කර ඇති බවත් පැමිණිලිකාරිය සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ ලබා ගැනීමට බලාපොරොත්තු වූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ඇයට ලැබී තිබෙන බවත් රජයේ නීතිඥවරිය අද (21) අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේදී අද(21) හතරවැනි දිනටත් විභාගයට ගැනින.

එළඹෙන 28 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අද(21) නඩු විභාගය අවසන් කරමින් විනිසුරු සාරා හගට් මහත්මිය ප්‍රකාශ කළාය.

Share This