පේරාදෙණිය තරුණියගේ වාර්තාව අද සෞඛ්‍ය ඇමතිට

පේරාදෙණිය තරුණියගේ වාර්තාව අද සෞඛ්‍ය ඇමතිට

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබා දීම හේතුවෙන් පසුගිය 11 වනදා තරුණියක් මියයාම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව අද දිනයේ තමන් වෙත භාරදෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ සාමාජිකයින් පසුගියදා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ගොස් විමර්ශන සිදුකරනු ලැබීය.

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණු එම තරුණිය මියගියේ රෝහලෙන් එන්නත් දෙකක් ලබාදීමෙන් පසුව බවටයි, ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කළේ.

ඉන් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ දැඩි කතාබහක් ඇති වූ අතර ඒ අනුව, විශේෂ කමිටුවක් පත් කර විමර්ශන සිදුකිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ.

 

Share This