කාන්තාවන් තිදෙනෙක් සමග ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමිනමට උන දේ

කාන්තාවන් තිදෙනෙක් සමග ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමිනමට උන දේ

ගිහි ඇඳුමින් සැරසී කාන්තාවන් තිදෙනකු සමග විනෝද චාරිකාවක් ගියැයි ලෙව්වන්දූව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට එරෙහිව එම ගම්වාසීන් විසින් පෙරේදා (29 වැනිදා) දින විරෝධතාවක් පවත්වා ඇත.

මෙම භික්ෂූන් වහන්සේ විනෝද චාරිකාවට ගොස් සිටියදී එය දායකයකු දැක එම පින්තූර මුහුණු පොතට එක්කිරීමෙන් අනතුරුව අනෙකුත් දායකයන් ඇතුළු ගම්වාසීන් එම ඡායාරූප දැක කුපිත වී විහාරස්ථානය අසල මෙසේ උද්ඝෝෂණය කොට ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.

චාරිකාව නිම කර විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවේ දායකයන් මෙම හිමිනමට විරෝධය පළ කර ඇති අතර, පෙරේදා (29) රාත්‍රියේම උන්වහන්සේ විහාරස්ථානය අතහැර ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

Share This