පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ ත්‍රස්තවාදියෙක් ජීවිතක්ෂයට

පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ ත්‍රස්තවාදියෙක් ජීවිතක්ෂයට

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තානයේ Dera Ismail Khan හිදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ බාලි ඛයාරා නමැති ත්‍රස්තවාදියෙක් වන අතර ඔහු ත්‍රස්ත ප්‍රහාර රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන ත්‍රස්තවාදියෙකු බව සඳහන්.

ඔහු අල්කයිඩා සංවිධානයේ සහ Tehreek-e-Taliban ත්‍රස්ත සංවිධාන වල සාමාජිකයෙක් බව වාර්තා වනවා.

Share This