කැලණි සරසවි සිසුන් 4කගේ පංති තහනම්

කැලණි සරසවි සිසුන් 4කගේ පංති තහනම්

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සිසුන් සිව්දෙනාගේ පංති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පවසයි.

එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් විවේකාගාරයේ සිටියදී රැගෙන ගොස් පහරදී ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තැබුවේ යැයි කියන සිද්ධිය සම්බ්නධයෙන් මෙම පියවර ගත් බවත් අදාල සිසුන් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ විනය කමිටුව සහ පොලිසිය විධිමත් පරීක්‍ෂණයක් පවත්වන බවත් පාලන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

Share This