තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක්

තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් පත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් වන අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා සහ තරංග පරණවිතාන සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇති බවයි, වාර්තා වන්නේ.