මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක් – පුද්ගලයෙක් වහල කඩාගෙන බිමට වැටෙයි

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක් – පුද්ගලයෙක් වහල කඩාගෙන බිමට වැටෙයි

අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි වහලය මතට නැගි පුද්ගලයකු ඉන් බිමට ඇදවැටී තිබේ.

ඔහුව වහලය මතින් ඉවත් කර ගැනිමට මරදාන පොලීසීය හා මරදාන දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය අවස්ථා කිහිපයකම උත්සහ කළත් එය අසාර්ථකවී ඇත.

පෙරවරු 11.20 පමණ ඔහු වහලය මත ඇවිදමින් සිටිය දී වහලයේ ෂීට් එකක් කැඩී ඔහු දුම්රිය වේදිකාවට ඇදවැටී තිබේ.

අනතුරින් ඔහුගේ ඔලුවේ පිටුපසට හානී වී ඇති අතර ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

Share This