ගිණි තැබීම් වලින් තබ්බෝවේ අක්කර 300ක් විනාශයි

ගිණි තැබීම් වලින් තබ්බෝවේ අක්කර 300ක් විනාශයි

තබ්බෝව අභය භුමියේ ඇතිවු හදිසි ගිනි ගැනීමක් නිසා අක්කර 300 කට වැඩි ප්‍රමණයක භුමියක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.

ඊයේ 11 දින දහවල් ඇතිවු මෙම ගිනි ගැනිම පැය 10 කට ආසන්න කාලයක් පුරා පැවති බවත්, වනජීවි නිළධාරීන්, තබ්බෝව යුධ හමුදා කදවුර නිළධාරී, පොලිසිය, හා පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකය ඇතුළු කන්ඩායම් එක්ව ගින්න සම්පුර්ණයෙන් පාලනය කල බවත් කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩි.රාමසිංහ මහතා පවසයි.

වනජීවි නිළධාරින් පවසන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් සහගත අයුරීන් මෙම ගිනි තැබිම සිදුකර ඇති බවයි. එසේ ගිනි තැබීමෙන් පසු වන සතුන් දඩයම් කිරීම මෙහි අරමුණ විය හැකි බවද ඔවුන් පවසයි.

11 දින දහවල් ආරම්භ වී තිබු මෙම ගිනි ගැනිම තබ්බෝව අභය භුමියේ 13 කනුව ප්‍රදේශයෙන් ආරම්භව අභය භුමියේ අක්කර 300ක පමන ප්‍රදේශයක් පුරා පැතිරි ගොස් තිබු බවත් ගිනි ගැනිමේන් කුඩා සතුන් රැසක් මිය යන්නට ඇති බවත් වනජීවි නිළධාරීන් පවසති.

ගිනි ගැනිම පාලනය කිරීමට වනජීවි නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව තිබු අතර අදාල කණ්ඩායම් සමග එක්වි පැය 10 කින් පසු අභය භුමිය පුරා පැතිරි යමින් තිබු ගින්න සම්පුර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කල බව කරුවලගස්වැව පොලිසිය පවසයි.

වනජීවි නිළධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිම ලෙසකින් තම පහත් අරමුණු ඉටු කර ගැනිමට මෙවැනි ගිනි තැබිම් නොකරන ලෙසයි.

Share This