ත්‍රිරෝද රථ අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ කොකුවිල් හංදිය අසළදී ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ඉවතට පැන තාප්පයක ගැටී පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් එම ත්‍රි රෝද රථයේ ගමන් කළ අවුරුදු එකයි මාස 2ක් වන බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන විට ත්‍රි රෝද රථයේ අදාළ බිළිඳියගේ මව හා රියදුරු ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනාද තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාලමුනෙයි පදිංචිව සිටි බිළිඳියකි.

Share This