එකම පවුලේ තිදෙනෙක් ගංවතුරට බිලි

එකම පවුලේ තිදෙනෙක් ගංවතුරට බිලි

පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසු වීමෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයා බවයි වාර්තා වුණේ.

අද (02) අලුයම් කාලයේ ඔවුන් පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇති වී නිවස ජලයෙන් යටවීමෙන් මොවුන් තිදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.