විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

ඊයේ දිනයේ සමස්ත දිවයිනටම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම විදුලි බිඳ වැටීමෙන් පාරිභෝගික භවතුන් හට සිදු වූ අපහසුතාව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

විශේෂයෙන් මෙම අසීරු අවස්ථාවේ පාරිභෝගිකයන් මනා සංයමයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම හේතුවෙන් තම කාර්ය මණ්ඩලයට සමස්ත දිවයිනේම විදුලිය පැය 5ක පමණ කාලයකින් යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව ද ඔවුන් සඳහන් කර තිබේ.

සමස්ත දිවයිනේම විදුලිය බිඳ වැටී තිබූ මොහොතක සියලුදෙනා එකමුතුව අවබෝධයෙන් යුතුව රට ගැන සිතා තම වගකීම් සහ යුතුකම් ඉටු කිරීම නිසා ඉතා ඉක්මනින් විදුලිබල සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව ද විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

Share This