ජනපති හෙට චීනයට

ජනපති හෙට චීනයට

ලබන 17 සහ 18 යන දිනවල චීනයේ පැවැත්වෙන “Belt and Road Initiative (BRI)” සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (14) චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

එමෙන්ම මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

Share This