34000ට ගිය කිඹුලා බනිස් ගෙඩිය

34000ට ගිය කිඹුලා බනිස් ගෙඩිය

දඹුල්ල ‘ජවය තරුණ සංවිධානය’ දින තුනක් පුරා පැවැත්වූ වූ නාට්‍ය සංදර්ශන මාලාව සහ භාණ්ඩ සල්පිල් වෙන්දේසියේදී කිඹුලා බනිස් ගෙඩියක් රු 34600 ක මුදලකට ලබාගැනීමට ජර්මන් ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේදී සමත් වී තිබේ .

වෙන්දේසිය සඳහාම ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් විසින් බේකරියකට ඇනවුමක් ලබා දී කිඹුලෙකුගේ හැඩය ඇති විශේෂ බනිස් ගෙඩියක් ඉදිරිපත් කොට තිබිණි.

ඒ අනුව ප්‍රදේශවාසීන් තරුණ පිරිසක් සහ මෙම නාට්‍ය සන්දර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටි ජර්මන් ජාතික පිරිසක් අතර පැය කිහිපයක වෙන්දේසි සටනකින් පසුව විදෙස් ජාතික කණ්ඩායම මෙම කිඹුල බනිස් ගෙඩිය මිලදීගෙන තිබේ.

මිලදී ලබාගත් බනිස් ගෙඩිය මෙම විදේශීය සංචාරකයන් කුඩා දරුවෙකුට ලබාදීම සිදුක කළ බව සංවිධායකයෝ පවසති.

මෙවැනි වෙන්දෙසි යකදී කිඹුලා බනිස් ගෙඩියක් රු 22200ක මුදලකට මිට වසර කීපයකට ඉහතදී ගලෙන්බිදුනවැව පඩිකාරමඩුව පැවති සංදර්ශනයකදී අලෙවි වී තිබිණි .

මෙහිදී ගීත ගායනා ගීත මුද්‍රා නාට්‍ය සංදර්ශන ආදී විනෝද කාමී අවස්ථා රැසක් පවතී අතර වෙදෙස් සංචාරකයෝ ද විනෝද වීම සදහා පැමිණ සිටියහ .

 

Share This