ලෝක විවාහක රූ රැජින දිවයිනට

ලෝක විවාහක රූ රැජින දිවයිනට

ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලියේ අවසාන මහා තරගය මෙම 13 වන දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවන් 23 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

ලෝක විවාහක රූ රැජින අද අලුයම 05.40 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

මෙම තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට නියමිත අතර එළැඹෙන 15දා සර්ගම් කවුෂාල් මහත්මිය සිය සංචාරය නිමා කර ආපසු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.