ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද – ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා ලෝලීන්ට දැනුම් දීමක්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද – ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා ලෝලීන්ට දැනුම් දීමක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (09) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන මෙම තරගය පස්වරු 3.00ට ආරම්භවේ.

මූලික වටයේ තරග දෙක ම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව යහපත් මානසිකත්වයකින් තරගයට පිවිසීමට නියමිත අතර, බංග්ලාදේශය මූලික වටයේ තරග දෙකෙන් එක් තරගයක් ජයග්‍රහණය කළේය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර රුපියල් 1,000ක මුදලකට ලබාගත හැකි වනු ඇති.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Lower Block C සහ D කොටසේ ප්‍රවේශපත්‍ර සැප්තැම්බර් මස 9,12,14, සහ 15 දිනවල පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1,000කට මිලදීගත හැකිවනු ඇති.

මේ අතර අද පැවැත්වෙන තරගය වර්ෂාව නිසා අත්හිටුවීමට සිදු වුවහොත් හෙට එම තරගය පැවැත්වීමට තීරණය කර ඇත.

එසේ වුවහොත් අද තරගය සදහා මිළදී ගත් ප්‍රවේශ පත්‍ර හෙට දිනය සදහා වලංගු බව ද ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

Share This