වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දමයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දමයි

තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු.1700 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කරමින් පඩිපාලක මණ්ඩලය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කම්කරු ඇමැතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුව කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K. ජයසුන්දර විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් මැයි මස 15 වැනිදා දහවල් 12ට පෙර ඉදිරිපත් කරන ලෙස ද එම ගැසට් නිවේදනයේ දක්වා තිබේ.

තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා මෙන්ම රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා ද මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මකයි.

Share This