අපේ පක්ෂ වල අදහස් විමසා සතියකින් අපි යළි හමුවෙනවා – ජනපති හමුවෙන් පසු බැසිල් කියයි

අපේ පක්ෂ වල අදහස් විමසා සතියකින් අපි යළි හමුවෙනවා – ජනපති හමුවෙන් පසු බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සිදුවූ හමුව ධනාත්මකව නිමා වූ බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතැයි ජාතික පුවත් පත් වාර්තා කරයි.

අවසන් තීරණයට එළඹීමට පෙර එකිනෙකාගේ පාර්ශවයන්හි එකඟතාවය විමසා බැලීමට තීරණය කර ඇති බවත් සඳහන් වේ.

පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ දැයි විමසූ විට බැසිල් රාජපක්ෂ මහතා සෘජු පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කළ නමුත් ප්‍රතිඵලය ධනාත්මක බව පවසා තිබේ.

ජනාධිපතිවරයා සමඟ එකඟ වූ දේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව මාර්තු 27 වනදා රැස්වන බව ඔහු පැවසීය. ජනාධිපතිවරයා මෙම කාරණය තම එක්සත් ජාතික පක්ෂයට (එජාප) යොමු කරනු ඇත.

“අපගේ පක්ෂ වල අදහස් විමසා සතියක් ඇතුළත අපි නැවත හමුවෙනවා,”යැයි බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ .

මීට පෙර බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.