අනූෂ සමරනායක ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු තනතුරට

අනූෂ සමරනායක ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු තනතුරට

නව තනතුරු 3 ක් සඳහා පත්කිරීම් සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක මහතා පත්කර තිබේ.

එමෙන්ම ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග පත් කර ඇති අතර, භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් පත්කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.