උසස් පෙළ සඳහා පාසල් පැමිණීමේ 80% ප්‍රතිශතය වෙනස් වෙයි

උසස් පෙළ සඳහා පාසල් පැමිණීමේ 80% ප්‍රතිශතය වෙනස් වෙයි

උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටින සිසුන්ගේ සියයට අසූව පැමිණිම සම්පූර්ණ විම් අනිවාර්ය කිරිම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ අනුව මෙම වර්ෂයට පමණක් ආවරණය වන ආකාරයට පැමිණිමේ ප්‍රතිශතය සියයට 40 සේ සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බවයි පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන් පාසල් වලට නොඒමේ බරපතළ ගැටලුවක් පවතින හෙයින් ඒ ගැටලුව වහා විසඳන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය.

පාසල් නොයන දරුවන් අන්තිමේදී විභාග වලට ලියන්න දෙන්න කියලා විදුහල්පතිවරුන් කන්න හදනවා යැයිද ඔහු සඳහන් කළේය.

ජයසේකර මහතා මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.