මළ ගෙදරට ලයිට් දාන්න ගිය අයෙක් විදුලි සැර වැදී මරුට

මළ ගෙදරට ලයිට් දාන්න ගිය අයෙක් විදුලි සැර වැදී මරුට

කලගෙඩිහේන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට විදුලි බල්බ සවි කිරීමට ගිය පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඉන් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, කලගෙඩිහේන ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි ප්‍රදීප් කරුණානායක නැමැත්තෙකි.

විදුලි සැර වැදීමෙන් අනතුරට ලක් වූ අනෙක් සිව් දෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙති.

පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදුලි බල්බ සවිකිරීමට යොදා ගත් වයරය මාර්ගයේ තිබු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම පුද්ගලයින්ට විදුලිසැර වැදී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.