දිල්ලි මහ ඇමති අත්අඩංගුවට

දිල්ලි මහ ඇමති අත්අඩංගුවට

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත ප්‍රධාන ඇමැතිවරයා මෙන්ම, දූෂණ විරෝධී ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මත්පැන් නඩුවකට අදාළව විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මෙලෙස අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දිල්ලියේ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත සභාව ක්‍රියාත්මක කළ නීතිවලට පටහැනි අයුරින් මහ ඇමැති කෙජ්රිවාල් කටයුතු කර ඇති බවටත්, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය බවටත්, පෞද්ගලික අංශයේ හිතවතුන්ට විශේෂයක් කල බවටත් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.

ඉන්දීය මහ මැතිවරණය ආරම්භවීමට සති කිහිපයක් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්.

ඉන්දියාවේ දූෂණ විරෝධී හඬ ලෙස සැලකෙන්නේ ද ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ දේශපාලන පක්ෂයයි.

‘ආම් ආද්මී’ පක්ෂය දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ 2015 වසරේ සිටය.

Share This