වැසි තත්ත්වයේ වර්ධනයක්

වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු ඇතැම් ස්ථානවලට වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.

නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75පමණ තරමක් තද වැසි ද ඇති විය හැකියි.

Share This