සැප්තැම්බර් මස අස්වැසුම මුදල් හෙට සිට ප්‍රතිලාභීන්ට

සැප්තැම්බර් මස අස්වැසුම මුදල් හෙට සිට ප්‍රතිලාභීන්ට

සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8571ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

පවුල් දහතුන් ලක්ෂ 77,000 කට එම අස්වැසුම ගෙවීම් ලබාදී ඇති අතර, එම මුදල් හෙට සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගත් පුද්ගලයින්ට ජුලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවීමට සැලසුම් කර තිබේ.

Share This