ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

ලබන වසරේ දී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

එමෙන්ම අයවැයට ඡන්දය ලබා දුන් සහ ලබා නොදුන් සියලු මන්ත්‍රීවරුන්ට තම ස්තූතිය පළකර සිටින බව ද ජනපතිවරයා එහිදී කියා සිටියේය.

“අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි.”

“මං ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ මම පවත්වනවා. ඊට පස්සේ අනෙක් ඡන්ද ටික පවත්වනවා.” 

Share This