සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපති බැසිල්

සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපති බැසිල්

සමුපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ. බැසිල් සේනාධීර මහතා පත් කර තිබේ.

සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා සමුපකාර ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ විවිධ තනතුරු රැසක් දරණ ලද සමුපකාර ක්ෂේත්‍රය පිළිබඳව හසල දැනුමක් ඇති ඉතාමත් දක්ෂ පරිපාලන නිලධාරියෙකු ලෙස ප්‍රකට අයෙකි.

ඊට අමතරව, බැසිල් සේනාධීර මහතා නුවරඑළිය දිස්ත්‍රික් සමුපකාර බලමණ්ඩලයේ සභාපති, නව තලවකැලේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති, මධ්‍යම පළාත් සමුපකාර ග්‍රාමීය බැංකු සංගමයේ අධ්‍යක්ෂ, පාරිභෝගික සංගමයේ අධ්‍යක්ෂ ආදී තනතුරු රැසක කටයුතු කරමින් සිටියි.

Share This