සජිත් – අනුර විවාදයට ITN විකාශ කාලය වෙන් කර දෙපාර්ශවයට ආරාධනා කරයි

සජිත් – අනුර විවාදයට ITN විකාශ කාලය වෙන් කර දෙපාර්ශවයට ආරාධනා කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදය හෙට (06) පැවැත්වීමට එකඟවී ඇති බව පැහැදිලි වන බවත් ඒ් සඳහා කාලය වෙන් කර සියලු පහසුකම් සලසා ඇති බවත් ස්වාධීන රූපවාහිනි සේවය පවසයි.

ඒ අනුව, හෙට රාත්‍රි 10ට ස්වාධීන රූපවාහිනී සේවයේ HD මැදිරියේදී එම විවාදය පැවැත්වීමට පහසුකම් සලසා ඇති බවත්, එය සජීවී ලෙස විකාශය කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බවත්, දන්වමින් ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන විසින් සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ් අනුව, හෙට දිනයේ දී විවාදයට සහභාගී වන ලෙස ස්වාධීන රූපවාහිනී සේවය විසින් දෙපාර්ශව වෙත ආරාධනා කර ඇත.

මෙම විවාදය සංවිධානය කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ පත්කර ඇති බව ද සභාපතිවරයා එම ලිපියේ දක්වා තිබේ.