රාජකාරී වෙලාවේ මාලිමාවේ විරෝධයට ගිය කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි

රාජකාරී වෙලාවේ මාලිමාවේ විරෝධයට ගිය කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි

අම්පාර කලුවංචිකුඩි, වෙල්ලාවලි පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු රාජකාරි විවෙිකය වාර්තා කර කිසිදු පිටවීමේ සටහනක් නොයොදා පොලිස්ථානයෙන් බැහැරට ගොස්, ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරතිබු ආණ්ඩුවට එරෙහි විරෝධතාවයකට එක්ව සිටිම හේතුවෙන්, එම පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට අද (07) කලුවංචිකුඩි සහකාර පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබේ.

මෙසේ වැඩතහනමකට ලක්ව ඇත්තේ, පො.කො 86800 එස්.ඒ.ටි.පි කරැණාරත්න නැමති වෙල්ලාවලි පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයකුගේය.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඉකුත් මාර්තු මස 26දා පස්වරැ 4.00 ට පමණ, තම රාජකාරි නිවාඩුව වාර්තාකර කිසිදු පිටවීමේ සටහනක් නොයොදා පොලිසියෙන් පිටව ගොස් බන්ඩාරදුව පොලිස් වසමේ ගොනාගොල්ල හදිංයේ එදින පැවති ජාතික ජනබලවෙිගය විසින් සංවිධානය කර තිබු විරෝධතාවයකට එක්ව ඇතැයි පොලිසිය පවසයි.

ජාතික ජනබල වේගය රජයට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබී ඇත්තේ ඉහළ ගිය විදුලිබිල හා බඩුමිලට එරෙහිවය.

පොලිසිය පවසන්නේ, මෙම කොස්තාපල්වරයා සේවයේ යෙදිසිටිමින් සිටියදී ආණ්ඩුවට එරෙහි විරෝධතාවයට එක්ව ඇත්තේ සිවිල් ඇදුමින් සැරසිගෙන බවය. පසුව මොහු බාහිර පුද්ගලයින්ට හදුනාගත නොහැකි ආකාරයට, හිස් වැසුමකින් මුහුණ ආවරණය කර මෙම විරෝධතාවයට සක්‍රියව එක්ව සිට ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව, මේ විනය විරෝධි හැසිරීම වෙනුවෙන් පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අම්පාර කලුවංචිකුඩි සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කටයුතු කර තිබේ.