web hit counter
ලක්ෂ 12ක මත්පෙති තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ලක්ෂ 12ක මත්පෙති තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

දිවුලපිටිය ප්‍රදේශයේ බෙදාහැරීමට සූදාම් කර තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි..

පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් දිවුලපිටිය ප්‍රදේශයේදී පරික්ෂාවට ලක් කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සහ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැක කරුවන් කලක් තිස්සේ දිවුලපිටිය ප්‍රදේශයට පැමිණ මෙසේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇතැයි ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත

.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )