වැඩි මිලට බිත්තර විකිණූ වෙළඳුන් තිදෙනෙකුට ලක්ෂ තුනක දඩ

වැඩි මිලට බිත්තර විකිණූ වෙළඳුන් තිදෙනෙකුට ලක්ෂ තුනක දඩ

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (03) දින නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඉදිරිපත් කර තිබේ.

එහිදී එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එක් චූදිතයෙකුට රුපියල් ලක්ෂය බැගින් චුදිතයන් තිදෙනාට රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් සංජිව නාලක විරසිංහ නියෝග කලහ.

එම චුදිතයන් තිදෙනා නුවරඑලිය , නානුඔය සහ ලිදුල ආගරකන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ දිස්ත්‍රික් නිලධාරි අමිල රත්නායක කියා සිටියේ.

තවද පාලන මිල ඉක්මව සහල් අලෙවි කිරිම, කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිම, මිල ප්‍රදර්ශණය නොකිරිම යන චෝදනා යටතේ නුවරඑළිය අධිකරණ බල සිමාවේ ප්‍රධාන නගර කිහිපයකම වැටලිම් සිදු කළ සැකකරුවන් 16 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ එම සැකකරුවන්ද වරද පිලිගත් නිසා චුදිතයන් සියළු දෙනාට රුපියල් පනස් දෙදහසක දඩයක් ගෙවන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කල බවයි අමිල රත්නායක මහතා කියා සිටියේ.

මෙවැනි වැටලිම් නුවරඑලිය දිස්ත්‍රික්කය පුරාම අඛණ්ඩව සිදු කරන බවයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.