රොෂාන්ගෙන් ජනපතිට දෝස් මුරයක්

රොෂාන්ගෙන් ජනපතිට දෝස් මුරයක්

රට අන්ත අසරණ තත්වයකට වැටී තිබුණු මොහොතේදී සියලු දෙනා කැපවී මේ පාලනය ගෙන ඒමට ඉදිරිපත් වුණේ හොරකම් දූෂණ කිරීමට ඉඩදී ඇස් කන් පියාගෙන බලා සිටීමට නොවේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

දූෂණ වෙනුවෙන් තමා ඉදිරිපත් වූයේත් හරි තැන සිට ගත්තේත් ඒ නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ක්‍රිකට් දූෂණ යට ගැසීම ගැන කණගාටුවන බවද ප්‍රකාශ කළේය.

අනෙක් අයට විපක්ෂනායකවරයා සමග සාකච්ඡා කිරීම හොඳ නම් තමා සාකච්ඡා කිරීම වරදක් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

Share This