මන්ද මානසික තරුණයෙකු අපයෝජනය කළ පොලිස් සැරයන්වරයෙක් බන්ධනාගාරයට

මන්ද මානසික තරුණයෙකු අපයෝජනය කළ පොලිස් සැරයන්වරයෙක් බන්ධනාගාරයට

මානසික ආබාධයක් සහිත 21 හැවිරිදි තරුණයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

ඌවපරණගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකාර පොලිස් සැරයන්වරයා කොස්ලන්ත පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක්.

අතරවරයට පත් වූ තරුණයා ද ඌවපරණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු විසින් ඔහු රවටා රහසිගත ස්ථානයකට ගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

මානසික ආබාධයකින් පෙළෙන තරුණයා සිද්ධියෙන් පසු රෝහල් ගතකර ඇති අතර මේ සම්බන්ධයෙන් ඌවපරණගම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Share This