වනිඳු ICC දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නම් අතරට

වනිඳු ICC දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නම් අතරට

ජුනි මාසයේ ICCයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නම් අතරට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ.

ඒ එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින්ය.

ඔහුට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේහි ශෝන් විලියම්ස් ද ජූනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව සිටිති.

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම් කරගනිමින් වනිඳු මෙලෙස දක්ෂතම ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ඡන්ද විමසීමකින් අනතුරුව පසුගිය ජුනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතය.

Share This