දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 01 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 01 වන සිකුරාදා

රාහු කාලය
10:38 am – 12:10 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. ක්‍රමානුකූලව රාජකාරිවල යෙදෙන අතර, ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. තරමක් විය පැහැදම් ඇතිවන දිනකි. හදිසි ලාභද ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2023-08-31

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ප්‍රීති උත්සව ප්‍රීති සාද වැනි දේ සඳහා කාලය ධනය තරමක් වැයකිරීමට සිදුවෙයි. උගත් මිතුදම් ඇතිවෙයි. තරමක් සැහැල්ලුවෙන් දවස ගෙවයි. හදිසි ධනලාභ ලබයි. සිරස රෝග මතු කරන දිනකි.

Date: 2023-08-31

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාශීලී දිනකි. තරමක් අවිවේකී බව ඇති කරයි. තම ව්‍යාපාර සඳහාද වෙහෙසෙන අතර අමතර ක්‍රියාකාරකම්ද යෙදේ. ප්‍රීති සාද වැනි දේවලද යෙදෙන අතර අලංකාර කටයුතු සඳහා වැයපසද ඉහළ යයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2023-08-31

ජය අංකය: 04
ශුභ වර්ණය: කොළ
Qries

කටක

තරමක් ගමන් බිමන් බහුල දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් සමීපතාවයට පත්වන අතර තරමක් වැයපසද ඉහළ යන ක්‍රියාකාරී දිනකි. මුත්‍රා ආසාදන ආමාශගත රෝග මතු කරයි.

Date: 2023-08-31

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභවාදී ඵලගෙනදෙන අතර ක්‍රියාශීලී දිනකි. නව නිපැයුම් අලුත්වැඩ සඳහා යොමුවෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. නවක මිතුදම් ඇතිවේ. අමතර ලාභ මතු කරන අතර දත් රෝග, අක්‍ෂි රෝග මතුවේ.

Date: 2023-08-31

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන් යෙදෙන අතර අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. ප්‍රීති සාදවලට යොමුවේ. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස ඉහළ යන අතර ආමාශගත රෝගද මතුවේ.

Date: 2023-08-31

ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
Qries

තුලා

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති සාද උත්සව වැනි දේවල්වලට යොමුවෙයි. විනෝදජනක කටයුතු සඳහා යෙදෙන අතර වැයපසද ඉහළ යයි. දහමට ලැදිව ක්‍රියාකරයි. ස්නායුගත රෝග මතුවෙයි.

Date: 2023-08-31

ජය අංකය: 03
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් සමඟ සුහදතාව වර්ධනය වෙයි. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යන දිනකි. සෙම් ආසාදන රෝග මතු වෙයි.

Date: 2023-08-31

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල මතු කරයි. රාජකාරි බහුල වෙයි. අවිවේකී දිනකි. අතපසුවීම්වලට හේතුයි. තම අවශ්‍යතා යටපත් වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස අධික දිනකි. සිරසගත රෝග වර්ධනය වෙයි.

Date: 2023-08-31

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා කහ
Qries

මකර

ශුභවාදී ඵල මතු කරයි. ගමන් බිමන් බහුල දිනකි. තරමක් වැයපස ද ඉහළ යයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. රාජකාරි ස්ථානවල බාධා ඉවත්වෙයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු වෙයි.

Date: 2023-08-31

ජය අංකය: 08
ශුභ වර්ණය: තද නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ප්‍රීති උත්සව සුහදතාව වර්ධනය ක්‍රියා ආදියෙහි යෙදේ. රැකියාවේ උසස්වීම් වැනි දේට හේතුයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝගවලට හේතුයි.

Date: 2023-08-31

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා නිල්
Qries

මීන

ශුභවාදී ඵල මතු කරයි. සුහදතා වර්ධන කටයුතු ආදියෙහි යෙදේ. විනෝදජනක කටයුතුවල ද යෙදේ. වැයපස ඉහළ යයි. දහමට ලැදිව ක්‍රියාකරන දිනකි. ආමාශගත රෝග සාදයි. ප්‍රීති සාදවලට හේතුයි.

Date: 2023-08-31

ජය අංකය: 03
ශුභ වර්ණය: තද කහ
Share This